ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුව ඇයගේ ආදරණීය සැමියා චිරන්තත් එක්ක දැන් ගෙවන ජීවිතේ ඡායාරූප 35ක් (PHOTOS)
අපේ රටේ කවුරුත් ආදරය කරන අපේ රටේ සංගීත ක්ෂේත්‍රයටත් නැතුවම බැරි ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවස් වල සමාජ මාධ්‍යවල වැඩිපුරම කතාබහට ලක්වූ චරිතයක් කිවුවොත් හරියටම හරි.
ඉතින් ඒ පහුගිය කාලේ අපේ රටේ වැඩිපුර කතා බහට ලක්වූ ආන්දෝලාත්මක පුවත තමයි සමිතා මුදුන්කොටුව අපේ රටේ සංස්කෘතියට නොගැලපුනත් ඇයට වඩා වයසින් ගොඩක් බාල ලාබාල පෙම්වතෙක් සමගින් විවාහවීමේ සිද්දිය. ඉතින් මේ සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනා විවිධ කතා කියලා තියනවත් අපට අහන්නට දකින්නට ලැබුණා. සමහරෙක් ඔවුන්ට බනිද්දී සමහරෙක් ඔවුන්ව අගය කරා.
කොහොම නමුත් සමිතයි චිරන්තයි කියන්නේ දැන් විවාහ වෙලා ඉන්න ආදරවන්තයන්. ඉතින් මේ දෙන්නා විවාහ වෙලා පහුගිය දවසක මේ දෙන්නාගේ පලවෙනි විවාහ සංවත්සරයත් ජයටම සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.
ඉතින් මේ දෙන්නගේ වයස් පරතරය සාමාන්‍ය ආදරවන්තයන්ගේ වයස් පරතරයට වඩා ගොඩක් වෙනස් වුනත් චිරන්ත සමිතාට තියන ආදරේ ගැන පසුගිය දවසක හරි අපූරු කතාවක් කියලා තිබුණා. බොහොම සුන්දර හමුවීමක් අපි දෙන්නගේ හමුවීම. හීනයක් වගේ. ඒ හමුවීමට මම ගොඩක් ආදරෙයි. මම මැරෙනකන්ම ආදරෙයි. එයාව මට හම්බවුනේ ටික්ටෝක් නිසා.
කවුරු මොනවා කිවුවත් සමිතයි මායි හැමදාම ආදරෙන් ජීවත් වෙනවා. මම සමිතාට ආදරෙයි නම් සමිතා මට ආදරෙයි නම් මිනිස්සු කියන දේවල් මට චුට්ටක්වත් අදාල නෑ. මැරෙනකන්ම මම සමිතාට ආදරේ කරනවා කියලයි චිරන්ත කියලා තිබුනේ. ඉතින් මේ ආදරණීය යුවලගේ අපූරු සුන්දර ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට අරගෙන එන්න හිතුවේ. ඉතින් ඒත් එක්කම මේ යුවලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |