අපි බඩුමලු බෙදුවේ මැතිවරණයට.. මැයි 6න් පස්සෙ දීලා වැඩක් නෑනෙ - ඇමති සමන්තට මල පනී

Report

තම රජය විසින් රුපියල් 5000ක බඩු මල්ලක් සහන මිලට පවුල් ලක්ෂ 8කට බෙදා හැරීමට සැලසුම් කර තිබුණත්, මැතිවරණ කොමිසම මැදිහත් වී එය නවත්වූ බවත්, එම තීන්දුව අසාධාරණ බවත්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

දේශබන්දුගේ මෙහෙයුමෙන් මිය ගිය නිළධාරීයාට ලක්ෂ 25ක වන්දියක් දුන්නේ ඇයි - රනිල්ගෙන් නීතිපති ප්‍රශ්න කරයි

දේශබන්දුගේ මෙහෙයුමෙන් මිය ගිය නිළධාරීයාට ලක්ෂ 25ක වන්දියක් දුන්නේ ඇයි - රනිල්ගෙන් නීතිපති ප්‍රශ්න කරයි

“මෙවැනි දුර්වල විපක්ෂයක් මේ රටේ ඉතිහාසයේ තිබුණේ නැහැ. ඔවුන් බිඳ වැටිලා. අඹරපු මිරිස් තමයි ඵල දෙන්නේ.

ඒවාට අපට කළ හැකි දෙයක් නැහැ. අපි රුපියල් 5000ක බඩු මල්ල ලක්ෂ 8කට බෙදන්න සැලසුම් කළා. ඒකට මැතිවරණ කොමිසමට පැමිණිලි ගියා.

අවසානයේ කොමිසම තීන්දු කළා මේ බඩු මල්ල බෙදීම නවත්වන්න. ටිකක් බෙදුවත්, ඉතිරිය බෙදන්න බැරි වුණා. මේක බොහොම අසාධාරණයි. අපේක්ෂකයන් බෙදනවා නම් නවත්වන එක හරි.

'නෙළුම් කුළුණ' චිත්‍රපටයේ දමිළ අනුවාදය 'පෙරුසු'ට ලංකාවේ ප්‍රේක්ෂකයෝ වාර්තා තබයි!

'නෙළුම් කුළුණ' චිත්‍රපටයේ දමිළ අනුවාදය 'පෙරුසු'ට ලංකාවේ ප්‍රේක්ෂකයෝ වාර්තා තබයි!

නමුත් මේ රාජ්‍ය ආයතන මගින් ජනතාවට දෙන සුබසාධනයක්. අවුරුද්දට දෙන්න ඕනෑ එක, අවුරුද්දට දෙන්න බැරිද? මැයි 06න් පස්සේ දුන්නට වැඩක් නැහැ නේ? දැන් විපක්ෂය මිනිස්සුන්ට කන්න දෙන එකවත් බෙදන්න ඉඩ දෙන්නේ නැහැ,” යි ඔහු පැවසීය.

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව කියා සිටියේ පෙරේදා (11) බදුල්ලේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදීය.

මැති ඇමතිවරු කිහිප දෙනෙක් මන්ත්‍රී ඉන්ධන දීමනාව එපා කියයි!

මැති ඇමතිවරු කිහිප දෙනෙක් මන්ත්‍රී ඉන්ධන දීමනාව එපා කියයි!