"රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා සිය ප්‍රතිපත්ති වලින් ඉවත් කර ගන්න." - ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්.

Ranil Wickremesinghe Sri Lanka Presidential Election 2024
By Wayomi Sep 04, 2024 01:29 PM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ඉවත් කර ගන්නා ලෙසත්, තමන් දැනටමත් එම කටයුත්ත ඉටු කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට පවසනවා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ. - තනතුරට අනුව වැඩි වන පිළිවෙල මෙන්න.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)


අනෙක් නායකයන් වේදිකාවල පොරොන්දු දී යන විට, තමන් සෑමවිටම වේදිකාවට පැමිණියේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කර බව පැවසු ජනාධිපතිවරයා අද මෙලෙස වේදිකාවට පැමිණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව තමන්ට ප්‍රකාශ කිරීමට හැකිවනු ඇතැයි මීට වසර දෙකකට පෙර කිසිවෙකු නොසිතු බවද ඔහු සඳහන් කළා.

ඒ, ඊයේ (03)පැල්මඩුල්ල සතිපොළ භූමියේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.


මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ වාර්තාව අද මට ලැබුණා. එසේනම් මම අද මෙම වේදිකාවට පැමිණීයේ එක පොරොන්දුවක් ඉෂ්ට කරලයි. මම පොරොන්දු දීලා යන්නේ නැහැ. පොරොන්දු ඉෂ්ට කර ඇවිත් ඒ බව කියනවා. ඒ නිසා ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශවලින් ඊට අදාළ යෝජනා ඉවත් කර ගන්නා ලෙස මම සමගි ජන බලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට කියනවා.

මීට වසර දෙකකට පෙර අප මේ රට භාර ගන්නා විට අද මෙලෙස වේදිකාවට පැමිණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව ප්‍රකාශ කිරීමට හැකිවනු ඇතැයි කිසිවෙක් සිතුවේ නැහැ. එදා මෙම කණ්ඩායම මා සමඟ බිය නැතිව මෙම අභියෝගය භාර ගත්තා. විවිධ පක්ෂවල කණ්ඩායම් මා සමඟ එක් වුණා. රුපියල බේරා ගනිමින් රටේ අර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට අපට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. අප මෙම පියවර නොගත්තා නම් අද අපට මෙම තත්ත්වයෙන් ඉන්න වෙන්නේ නැහැ. ග්‍රීසිය මුහුණ දුන් තත්ත්වයට පත්වීමට සිදු වෙනවා.

සජිත් ජනපති - රනිල් අගමැති. - වැඩේ තීන්දුයි.? - බලවත් රාජ්‍යයක් වේගවත් මෙහෙයුමක.

සජිත් ජනපති - රනිල් අගමැති. - වැඩේ තීන්දුයි.? - බලවත් රාජ්‍යයක් වේගවත් මෙහෙයුමක.


අප 2023 වසරේදී අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර ජනතාවට සහන ලබා දුන්නා. ඒ වගේම 2024 වසරේ රජයේ සේවකයන්ගේ දීමනා ඉහළ නැංවීමට මෙන්ම ජීවන බර දරා ගත හැකි තත්ත්වයකට ගෙන ආවා. මෙම වැඩකටයුතු මෙතනින් අවසන් වන්නේ නැහැ. අප දළ දේශීය නිෂ්පාදනය ඉහළ නංවා තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. මම මෙවර ජනාධිපතිවරණයේදී මා ඉල්ලා සිටින්නේ එම පියවර අනාගතය වෙනුවෙන් ගෙන යාමේ ජනවරමයි. අපේ රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කර ගත යුතුයි. අප අවුරුදු 02ක් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා කියා තවම රටේ අර්ථික ස්ථාවරත්වය තහවුරු වී නැහැ. නැවතත් මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා අපට ඉදිරියට යාමට හැකියාව තිබෙන්නේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණයි.

යන්න ඇඟිලි ගැන ගැන නේද හිටියේ. - ඔන්න කැම්පස් යන්න කඩයිම් ලකුණු නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්.

යන්න ඇඟිලි ගැන ගැන නේද හිටියේ. - ඔන්න කැම්පස් යන්න කඩයිම් ලකුණු නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්.


මැණික් කර්මාන්තය ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා මැණික් සඳහා ලෝකයේ තිබු තැන නැවත ලබා ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ අප සාකච්ඡා කළා. ඒ වගේම පතල් කර්මාන්තකරුවන් රැක ගනිමින් ඔවුන්ගේ සුබසාධනය ඉහළ නැවීමේ වැඩපිළිවෙළක් ගැන අද අප සාකච්ඡා කළා. කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ මෙම කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.

මෙම සියලු සැලසුම් තුළින් රට තුළ අලුත් ආර්ථිකයක් නිර්මාණය කරනවා. ඒ වගේම පුළුල් සමාජ වෙනසක් වෙනුවෙන් ද අප කටයුතු කරනවා. අද මේ රටේ ජනගහණයෙන් 25%ක් අඩු ආදායම්ලාභීන්ගේ ඝනයට ඇතුළත්වනවා පමණක් නොව, ආදායම් ලැබුවත් පිරිසකට සෞඛ්‍ය පහසුකම් හා නිසි අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. මෙම සියලු කණ්ඩායම් වෙනුවෙන් හොඳ අධ්‍යාපනයක් සහ සෞඛ්‍ය සේවාවක් ලබාදී ආදායම් ඉහළ නංවා සමාජයට ඇතුල් කිරීමේ විප්ලවය අප සිදු කරනවා.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීමට අලුත් ක්‍රමයක්. - එය කරන්නේ මෙහෙමයි.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීමට අලුත් ක්‍රමයක්. - එය කරන්නේ මෙහෙමයි.


මේ රටේ බහුතරයක් වන කාන්තාවන්ගේ අයිතිය අප තහවුරු කළ යුතුයි. කාන්තාවන් බල ගැන්වීමේ නීතිය අපි සම්මත කළා. එවැන්නක් මෙරට සිදු වුයේ පළමු වතාවටයි. ඒ යටතේ තමන්ගේ අයිතිවාසිකම් ගැන ක්‍රියා කිරීමට කාන්තාවන්ට අවස්ථාව ලැබෙනවා. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා කිරීමට දැන් සෑම පොලිස් ස්ථානයකම වෙනම කාර්යාලයක් ආරම්භ කරනවා. වෙන කිසිම පක්ෂයක් ඒ ගැන කතා කරන්නේවත් නැහැ. ඒ වගේම මේ රටේ සාමජ සාධාරණත්වය සදහා කොමිසමක් පත් කිරීමට අප කටයුතු කරනවා. කුලය නිසා සහ සමාජ පිළිගැනීමක් නැතිකමින් ඇතමුන් කොන් වෙනවා. එම තත්ත්වය අවසන් කිරීමට සමාජ සාධාරණත්ව කොමිසමක් අපි ඇති කරනවා. එතනින් අපි සමාජය වෙනස් කරනවා. ඒ සමඟම දේශපාලන ක්‍රමයත් අපි වෙනස් කරනවා.

අනෙත් අය දූෂණය ගැන කථා කරද්දි අප දූෂණය පිටුදැකීමට ක්‍රියාකරනවා. ඒ වෙනුවෙන් ලෝකයේ තිබෙන හොඳම නීති සකස් කර දූෂණ විරෝධි පනත අප සම්මත කර තිබෙනවා. ඒ වගේම තවත් නීති කෙටුම්පත් කිහිපයක් සම්මත කිරීමට බලාපොරොත්තු වෙනවා. දූෂණය ගැන කථා කරලා වැඩක් නැහැ. ඒ සඳහා ක්‍රියාකිරීමට වැඩසටහනක් තිබිය යුතුයි. එම වැඩසටහන තිබෙන්නේ මට විතරයි කියලා මම කියනවා.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

 

ඔවුන් හොරු අල්ලනවා කිව්වට, හොරු අල්ලන්න ආයතන තිබිය යුතුයි. අපි ඒ ආයතන ශක්තිමත් කරනවා. හොරු ඇල්ලීම සහ නීතිමය පියවර ගැනීම දේශපාලඥයන්ගේ වැඩක් නොවෙයි. අධිකරණයේ වැඩක්. ඒ සඳහා අප එම ආයතන පද්ධතිය ශක්තිමත් කරනවා.දඩුවම් කිරීම අධිකරණයේ වැඩක්. දේශපාලනඥයන්ලෙස අපට මෙය භාර ගන්න බැහැ. එතකොට එදා ඌරගස්මං හන්දියේ ජනතා විමුක්ති පෙරමුණ දාපු උසාවියේ මේජර් මල්ලිකා දුන් තීරණය වගේ වෙනවා. මම කැමති නැහැ මේජර් මල්ලිකාගේ වැඩේ කරන්න.

ඒ වගේම ද්විතිය මණ්ඩලයක් ගෙන ඒමටත්, ජන සභාවක් ඇති කර තරුණ සහ කාන්තා නියෝජනය ඉහළ නැංවීම, මේ රටේ ඡන්ද ක්‍රමය වෙනස් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පාලනය කිරීමේ නව ක්‍රමවේදය අප සකස් කරනවා. එම සම්පුර්ණ වෙනස කරන්නේ අපි කියලා මම සඳහන් කරන්න කැමතියි. අනෙක් අය කථා කර කර ඉද්දි එම ආර්ථික, සමාජ හා දේශපාලන වෙනස කළ හැක්කේ “පුළුවන් ශ්‍රී ලංකා” වැඩසටහන මගින් පමණයි. අද මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියනවා එක්සත් ජාතික පක්ෂයේ සැබැ ප්‍රතිපත්ති තිබෙන්නේ අප ළගයි. අප ඉදිරියට යන්නේ ප්‍රතිපත්ති සමඟයි. එසේනම් එම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඔබ ඡන්දය ලබා දිය යුත්තේ ගෑස් සිලින්ඩරයටයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විශේෂ පුරප්පාඩුවක් පිරවීමට මෙන්න සුපිරි චාන්ස් එකක්.- අයැදුම් කරන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විශේෂ පුරප්පාඩුවක් පිරවීමට මෙන්න සුපිරි චාන්ස් එකක්.- අයැදුම් කරන්නේ මෙහෙමයි.


සජිත් ප්‍රේමදාසට දිනන්න බැහැ. සජිත්ට දෙන ඡන්දයෙන් සිදු වන්නේ අනුර කුමාර ශක්තිමත් කිරීම පමණයි. ඔවුන් කරන්නේ අනුර කුමාරට අත දීමයි. මනමේ කුමාරි කළ වැඩේ ඔවුන් කරන්නේ. එය කරන්න එපා කියලා මම ඔවුන්ට කියනවා. 

රන් මිල තවදුරටත් පහල යයි. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

රන් මිල තවදුරටත් පහල යයි. - සටහන් වන නව මිල ගණන් මෙන්න.