තෙල් සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යෑමේ තත්ත්වයක් - සජිත්

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ, ඉරාන-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් වහාම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවා, ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙසයි. ඔහු 2025 ජුනි 23 වන දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව අවධාරණය කළේය.

විපක්ෂ නායකවරයා පැවසුවේ, ඉරාන පාර්ලිමේන්තුවේ තීන්දුවකට අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීමට ඉරානය පියවර ගැනීමට සූදානම් වන බවයි. මෙම සමුද්‍ර සන්ධිය හරහා ලෝක තෙල් සැපයුමෙන් 20%ත් 30%ත් අතර ප්‍රමාණයක් සහ ස්වාභාවික ගෑස් සැපයුමෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ගමන් කරන බැවින්, මෙම තීන්දුව තෙල් සහ ගෑස් මිල ගණන් අධික ලෙස ඉහළ යෑමට හේතු විය හැකි බව බොහෝ පාර්ශ්ව අනතුරු අඟවා ඇත.

මොන සටන් විරාමද ආයෙත් ඉරානේ ඊශ්‍රාලයට මිසයිල ගහලා ටෙල්අවිව් විනාශයි

මොන සටන් විරාමද ආයෙත් ඉරානේ ඊශ්‍රාලයට මිසයිල ගහලා ටෙල්අවිව් විනාශයි

මේ හේතුවෙන්, ශ්‍රී ලංකාව ප්‍රේක්ෂකයකු ලෙස බලා සිටීමෙන් තොරව, ජාතික ආරක්ෂක කවුන්සිලය රැස් කර, උද්ගත වී ඇති බරපතළ තත්ත්වයට විසඳුම් සෙවීමට කඩිනමින් පියවර ගත යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. මෙම තත්ත්වය රටේ ආර්ථික ස්ථාවරත්වයට සහ බලශක්ති ආරක්ෂාවට බලවත් තර්ජනයක් විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ඉන්දියාව වත්මන් තත්ත්වය හමුවේ රුසියාවෙන් තෙල් ආනයනය වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි. ශ්‍රී ලංකාව ද රටක් ලෙස මෙවැනි උපායමාර්ගික පියවර ගනිමින් බලශක්ති අර්බුදයකට මුහුණ දීමේ අවදානම අවම කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

ට්‍රම්ප් කියන්නේ බොරුද? සටන් විරාම නෑ - ඊශ්‍රාලය ඉරානය පවසයි

ට්‍රම්ප් කියන්නේ බොරුද? සටන් විරාම නෑ - ඊශ්‍රාලය ඉරානය පවසයි

මැදපෙරදිග කලාපයේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කළ යුතු බව විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. යුද තත්ත්වය හේතුවෙන් රැකියා අහිමි වීමේ තත්ත්වයක් ඇති වුවහොත්, එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතළ ලෙස බලපාන බව ඔහු පෙන්වා දුන්නේය. එබැවින්, මෙම ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ රැකියා ස්ථාවරත්වය සම්බන්ධයෙන් රජය විසින් කඩිනම් පියවර ගත යුතු බව ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට