මොන සටන් විරාමද ආයෙත් ඉරානේ ඊශ්‍රාලයට මිසයිල ගහලා ටෙල්අවිව් විනාශයි

Report

ඉරානයෙන් නවතම මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල වීමත් සමඟ, ඊශ්‍රායල යුද්ධ හමුදාව ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යාමට කඩිනම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කිසිදු සටන් විරාමයක් නෑ - ඉරානය පවසයි

කිසිදු සටන් විරාමයක් නෑ - ඉරානය පවසයි

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, රටේ කිහිපයක්ම ප්‍රදේශවල ගුවන් ප්‍රහාරක සයිරන් සක්‍රිය වී ඇති අතර, යුද හමුදාව විසින් මේ වනවිට නව මිසයිල තර්ජනයක් හඳුනාගෙන ඇති බවයි.

ට්‍රම්ප් කියන්නේ බොරුද? සටන් විරාම නෑ - ඊශ්‍රාලය ඉරානය පවසයි

ට්‍රම්ප් කියන්නේ බොරුද? සටන් විරාම නෑ - ඊශ්‍රාලය ඉරානය පවසයි

“ආරක්ෂක පද්ධති තර්ජනය විනාශ කිරීමට කටයුතු කරමින් පවතී. අනතුරු ඇඟවීම ලැබූ පසු, ඔබ වහාම ආරක්ෂිත ස්ථානවලට පිවිසිය යුතු අතර, වැඩිදුර දැන්වීමක් ලැබෙන තුරු එහි රැඳී සිටින්න,” යන පණිවිඩය ඊශ්‍රායල ආරක්ෂක අංශය X (හිටපු Twitter) හරහා නිකුත් කර තිබේ.

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

මෙම ප්‍රහාර මාලාව, අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් පිළිබඳව කරන ලද නිවේදනයෙන් මිනිත්තු කිහිපයකින් පසු වාර්තා වීම විශේෂත්වයකි.

නවතම වාර්තා අනුව, මේ වන විට ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයේ පිපිරීම් හඬවල් වාර්තා වෙමින් පවතින අතර, තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරමින් පවතී.