22 ගැන සජිත් සිය මතය හෙළි කරයි..

By Sithumi Oct 23, 2022 03:42 PM GMT
Sithumi

Sithumi

Report

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කළේ එය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා සාධනීය නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

 සමගි ජන බලවේගයේ මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, "උද්දච්චකම තුළ ඒ ගත්තු තීන්දු තීරණවල ඵලවිපාක තමයි රටේ ජීවත්නව මිලියන 22ක අද අත්විඳින්නේ. 

මම දරදඬු උද්දච්ච පුද්ගලයෙක් නෙමෙයි. හැම දීශාවක් දිහාම බලනවා. හැම තොරතුරක් දිහාම බලනවා හැබැයි අවසානයේ නිවැරදි තීන්දුව ගන්නවා. මොළ හතාණෝගේ දත ගළවලා තියෙන්නේ. දැන් අපිට ආරංචි මොළහතණෝ එනවාළු ලංකාවට. බොහොම හොඳයි. එයා‌ගේ ද්විත්ව පුරවැසීභාවයත් ඉවත් කරගෙන එනවා කියලා ආරංචියකුත් තියෙනවා. බොහෝම හොඳයි. මම තව එකක් එයාට කියන්න කැමති මොළහතාණෝට. පුළුවන්නම් ඇවිල්ලා කොළඹින් ඉල්ලන්න. 22 සහාය දුන්නේ 20ට වැඩිය පොඩ්ඩක් හොඳ නිසා. නමුත් අපි කියනවා 22 නෙමෙයි අවසානය. අපිට තිය‍ෙනවා ප්‍රතිසංස්කරණ රැසක් කරන්න. ඒ හැම ප්‍රතිසංස්කරණයක් අපි ඉදිරියට ගෙන යන්නට අවශ්‍යයි."