එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් - යළිත් ටෙස්ට් පිටියේ අංක එකට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව, එංගලන්තයේ සුපිරි ටෙස්ට් පිතිකරු ජෝ රූට් නැවතත් ලෝක අංක 1 ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබේ.
රූට් ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ මෙම පෙරමුණට පත්ව ඇති අතර, මීට පෙර ප්‍රථම ස්ථානයේ සිටි ඔහුගේ කණ්ඩායම් සගයා වන හැරී බෘක් දෙවැනි ස්ථානය දක්වා පහත වැටී ඇත.
එමෙන්ම මීට පෙර දෙවැනි ස්ථානයේ සිටි ඔස්ට්‍රේලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ් එක් ස්ථානයකින් පහළට යමින් තෙවැනි ස්ථානයට පත්ව තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි ස්ථානය තවදුරටත් ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් සතුව පවතින අතර, ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් පස්වැනි ස්ථානයේ සිය ස්ථානය තවදුරටත් රඳවාගෙන සිටියි. එසේම පළමු දසදෙනා අතර සිටින අනෙක් ශ්‍රී ලංකා පිතිකරු වන්නේ දිනේෂ් චන්දිමාල් ICC නවතම දත්ත අනුව 10 ස්ථානයේ රැදි සිටියි.