විනාශකාරී මරණ සංඛ්‍යාවක් - වෙනිසියුලා භූමිකම්පාව ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් සංවේදී වෙයි

By Kanchana Jun 25, 2026 08:15 AM GMT
Report

වෙනිසියුලාවේ උතුරු වෙරළ ආසන්නයේ ඇති වූ 7.2 සහ 7.5 ප්‍රබල භූමිකම්පා හේතුවෙන් අගනුවර කැරකස් ඇතුළු ප්‍රදේශ රැසක විශාල හානි වාර්තා වී ඇති අතර, රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදය භූමිකම්පාවෙන් පීඩාවට පත් වෙනිසියුලාවට ආධාර සැපයීමට සූදානම් බවයි.

ඔහු සිය සමාජ මාධ්‍ය සටහනකින් පවසා ඇත්තේ “ඇමරිකා එක්සත් ජනපදය සූදානම්, කැමැත්තෙන් සහ උදව් කිරීමට හැකියාව ඇති” බවත්, අවශ්‍ය ආධාර කඩිනමින් යැවීමට සියලු ආයතන සූදානම් කර ඇති බවත්ය.

වෙනිසියුලාවේ ඇති වූ ද්විත්ත භූ කම්පනයෙන් පුද්ගලයින් 32කු මරුට

වෙනිසියුලාවේ ඇති වූ ද්විත්ත භූ කම්පනයෙන් පුද්ගලයින් 32කු මරුට

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන ක්‍රිස්ටෝපර් ලැන්ඩෝ මහතා සඳහන් කර ඇත්තේ වෙනිසියුලා බලධාරීන් සමඟ සම්බන්ධතාව පවත්වා ගනිමින් ආධාර සම්බන්ධීකරණය කරමින් සිටින බවයි.

එමෙන්ම රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ජෙරමි ලෙවින් මහතා පවසා ඇත්තේ සෙවීම් සහ ගලවා ගැනීම් කණ්ඩායම්, වෛද්‍ය සැපයුම් සහ අනෙකුත් මානුෂීය ආධාර යොමු කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) විසින් PAGER පද්ධතිය හරහා නිකුත් කළ අනතුරු ඇඟවීම් අනුව, මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවීමේ 41%ක හැකියාවක් සහ 100,000 දක්වා ඉහළ යාමේ 17%ක අවදානමක් පවතින බව ඇස්තමේන්තු කර ඇත.

එමෙන්ම භූමිකම්පාවේ බලපෑම හේතුවෙන් වෙනිසියුලාවේ ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල විය හැකි බවද සඳහන් කර තිබේ.

වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ජාතික දේශනයකදී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මේ වනවිට පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් 700කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඇය එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක සහය ලබාදීම පිළිබඳව ස්තූතිය පළ කර ඇති අතර, ඩොමිනිකන් ජනරජය, චීනය, බ්‍රසීලය සහ කටාර් ඇතුළු රටවල්ද වෙනිසියුලාවට මානුෂීය හා ගලවා ගැනීමේ ආධාර සැපයීමට ඉදිරිපත් වී ඇති බව සඳහන් කර තිබේ.