මෙසීව පුදුමයට පත් කළ ආර්ජන්ටිනා සගයන්ගේ සංවේදි උපන්දින උත්සවය
ලෝක පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ලයනල් මෙසීගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ ආර්ජන්ටිනා කණ්ඩායම් සගයන් විසින් සංවේදී සහ ආදරණීය විශේෂ සැමරුමක් සංවිධානය කර තිබේ.
39 වැනි උපන්දිනය සමරන මෙසී, කණ්ඩායම සමඟ සිටියදී අනපේක්ෂිත ලෙස උපන්දින සුබපැතුම් ගීතයක් සහ විශේෂ කේක් එකක් සමඟින් පිළිගැනීමට ලක්විය.
එම අවස්ථාවේදී කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය එක්ව මෙසීට සුබ පැතූ අතර, එය කණ්ඩායමේ සමීපත්වය සහ ඔහුට ඇති ගෞරවය තවදුරටත් පෙන්නුම් කළ අවස්ථාවක් විය.
එහිදි ක්‍රිඩකයන් හැද සිටි ටිෂර්ට් වල මෙලෙස සදහන්ව ඇත.
SI පුවත් වාර්තාවට අනුව, "මෙසීගේ සගයන් ඇඳ සිටි විශේෂ ටී-ෂර්ට්වල “අපගේ ජීවිත වෙනස් කළ ඔබට... සිහින සැබෑ විය හැකි බව අපට විශ්වාස කරන්න ඉගැන්වූ ඔබට... උපන්දිනය සුබ වේවා නායකයා, අපි ඔබට ආදරෙයි” යන පණිවිඩය ඇතුළත් වී තිබුණි.
වසර ගණනාවක් පුරා ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන මෙසී, ලෝක කුසලානය, කොපා ඇමරිකා ශූරතාව සහ විශාල ගණනක් පුද්ගලික සම්මාන දිනාගෙන රටට විශාල ගෞරවයක් ගෙන දී ඇත.
උපන්දිනය සමරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ද ලොව පුරා සිටින රසිකයින් මිලියන ගණනක් සුබ පැතුම් එක් කළ අතර, "පාපන්දු රජු" ලෙස හැඳින්වෙන මෙසීට තවත් සාර්ථක වසරක් ප්‍රාර්ථනා කළහ.
2026 ලෝක කුසලාන තරගාවලියේදී ද ආර්ජන්ටිනා කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුවක් ලෙස සැලකෙන මෙසී, සිය උපන්දිනය සැමරුවේ කණ්ඩායමේ ආදරය සහ ගෞරවය මධ්‍යයේය.