ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක්- 2026 වර්ධන වේගය 2.5% දක්වා බිඳ වැටෙයි
මැදපෙරදිග පවතින යුද තත්ත්වයේ බලපෑම හේතුවෙන් 2026 වසර සඳහා වන සිය ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථනය 2.5% දක්වා පහත හෙළීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ.
බලශක්ති සැපයුමට දැඩි ලෙස බාධා එල්ල වුවහොත් සහ මූල්‍ය වෙළඳපොළ තුළ සැලකිය යුතු අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වුවහොත්, මෙම ආර්ථික වර්ධන වේගය 1.3% ක් දක්වා තවදුරටත් කඩා වැටිය හැකි බවට ද ලෝක බැංකුව අනතුරු අඟවා ඇත.
ඒ අනුව බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික ‘ගෝලීය ආර්ථික අපේක්ෂා’ (Global Economic Prospects) වාර්තාව මගින් මෙම දත්ත අනාවරණය කර තිබේ.