හැමෝම ආදරේ කරන නිවේදිකාව සචිනි නිපුන්සලා පුතෙක් බිහි කරයි.. ඇය තැබූ ආදරණීය සටහන..(PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Jan 21, 2023 04:47 PM GMT
Sithumi

Sithumi

Report

දෙරණ නාලිකාව හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නිවේදන ශිල්පිනියක් තමයි සචිනි නිපුන්සලා කියලා කියන්නේ. ඉතින් ඇය නිවේදනයට වගේම නර්ථනයටත් ඉතාම දක්ෂ බව අපේ රටේ කාටවත් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් ඒ වගේම දෙරණ චැම්පියන්ස්ටාර් වැඩසටහනේ නිවේදිකාවක් විදිහට වසර ගණනාවක් තිස්සේ එක දිගට ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය කාලයේ ඇයගේ ආදරණීය පෙම්වතා වෙලා හිටපු කඩවසම් ව්‍යාපාරිකයෙක් වන ඉසුරු සමඟ විවාහ වෙලා කාටත් ආදර්ශයක් සපයමින් ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බව හැමෝම දන්නවා. ඉතින් මේ ආදරණීය පුංචි කැදැල්ලෙන් අහන්න ලැබුණු සතුටු දායක පුවතක් ගැන අපි පහුගිය දවසක අපි ඔබ වෙත තොරතුරු අරගෙන ආවත් ඔබට මතක ඇති.  

ඉතින් ඒ තමයි මේ රටක් ආදරය කරන ආදරණීය කළා ශිල්පිනිය කුළුදුලේ උතුම් මව් පදවියට සුදානම් වන පුවත. ඉතින් මේ රටක් ආදරය කරන සචිනි මීට සුළු මොහොතකට පෙර පුංචි පුත් කුමාරයෙක් මෙලොවට බිහි කරමින් උතුම් මව් පදවිය ලබලා තියෙනවා.  

ඉතින් ඒ ගැන සචිනි ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ලස්සන ඡායාරූපයක් සමඟ සටහනක් එක් කරමින් පවසලා තිබුනේ අපේ පුංචි ආදර කතාවට අපේ ලස්සන කොල්ලව සාදරයෙන් පිළිගන්නවා කියලයි. ඉතින් මේ විදිහට උතුම් මව් පිය පදවිය ලබපු සචිනිටත් ඇයගේ ආදරණීය සැමියා ඉසුරුටත් අපි හදවතින්ම සුබ පතන ගමන් මෙලොව එලිය දුටු පුංචි පැටියටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. ඒත් එක්කම මේ ආදරණීය යුවලගේ ඉදිරි ජීවිතය තව තවත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery