අපි ගැන තාම මෙයාලා දන්නේ නෑ අනුරලා ඉන්නේ එක්කෙනයි කියලා නම් හිතන් ඉන්නේ විපක්ෂෙට වැරදිලා - රුවන්
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා විසින් ජාතික ජන බලවේගය යනු කුමක්දැයි විපක්ෂ මන්ත්‍රීවරුන් කිසිවෙකු මෙතෙක් හරියට හඳුනාගෙන නැති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ අනුර කුමාර දිසානායකලා සිටින්නේ එක්කෙනෙක් යැයි විපක්ෂයේ සිතා සිටියද ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායකලා 159ක් සිටින බවයි.
තවද පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන ආයතනවල අනුර කුමාර දිසානායකලා හාරදහසක් සිටින බවත් මතුපිට නොපෙනෙන මහපොළොවේ වැඩ කරන අනුර කුමාර දිසානායකලා ලක්ෂ ගණනක් සිටිනා බවයි.
ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහන එක්වෙමින්.