ටීචර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉදලා නිළියක් වුණ සුරූපිණිය (PHOTOS)
හිරු මෙගා ස්ටාර්ස් වේදිකාව තුළ නර්තනයෙන් දස්කම් පාන ශිල්පීන් අතරේ රුක්ෂානා දිසානායක කියන රංගන ශිල්පිනිය කාගේත් හිත් දිනාගත් තරුවක් බවට පත්වෙලා හිටියා.
පසුගිය දවසක සති අන්ත පුවත්පතකට ඇය පිළිබඳව තොරතුරු සාකච්ඡාවක් දීලා තිබුණා. ඉතිං ඇයගේ මේ දවස් වල තොරතුරු පිළිබඳව කතා කරනකොට වසංගත තත්වය නිසා බොහොම නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා කියලා තමයි ඇය කියලා තිබුණෙ. ඒත් එක්කම ටෙලි නාට්‍ය කිහිපයක රූගත කිරීම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උපාංග වලට අනුකූල වෙමින් කරගෙන යනවා කියලත් ඇය කියලා තිබුණා.
ඉතින් මේ වෙනකොට ටෙලි නාට්‍ය අසූවකට පමණ ඇය දායක වෙලා තිබෙනවා. නමුත් ප්‍රධාන චරිතයක් පිළිබඳව බොහෝවිට ඇය යොමුවෙලා තිබෙනවා අඩුයි. එහිදී ඇය කියන්නේ නිර්මාණයක සුළු චරිතයක් හෝ වේවා ප්‍රධාන චරිතයක් හෝ වේවා තමන්ට ඒ චරිතය තුළ කළ හැකි උපරිමය කරන්නට ඕන කියලා තමයි ඇය කියන්නේ.
ඇය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් ලෙස තමයි මුලින්ම ක්ෂේත්රයට ඇය පිවිසෙන්නේ. රංගනයත් නිරූපණයත් යන ක්ෂේත්‍ර දෙකටම ඇය එක වගේ ආදරේ කරනවා කියලත් කියනවා. ඒත් සමගම නර්තනය කියන්නෙත් ඇයට උපතින්ම ලැබුණු හැකියාවක් තියෙන දෙයක්. ඉතින් රුක්ශානා දිසානායක නමින් ඇය dancing ඇකඩමියක් පවත්වාගෙන යනවා.උත්සව අවස්ථාවන් සඳහා අංග ඉදිරිපත් කිරීමටත් ඔවුන්ට අවස්ථාවන් ලැබෙනවා කියලා තමයි ඇය කියන්නේ.
රංගනය තුළ ඇය සම්මාන බලාපොරොත්තු වෙන්නෙ නැද්ද කියන ප්‍රශ්නයට ඇය පිළිතුරු දෙන්නේ ප්‍රේක්ෂක ආදරය තමයි ඇයට ලැබුණු හොඳම සම්මානය කියලා. ඊට අමතරව ඇයට 2017 දී යෞවන සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය ලැබෙනවා. ඒත් එක්කම 2018 සුමති සම්මාන උලලේ නැගී එන නිළිය ලෙස නිර්දේශ වෙනවා. රුක්ශානාගේ අනාගත බලාපොරොත්තුව තමයි රංගන ක්ෂේත්රයේ ඉදිරියටම යන ගමන් ඇයගේ අධ්‍යාපන කටයුතු හා සමගාමීව රැකියාවක් ලබාගැනීම.
ඉතින් ඇය මේ වන විට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිය අවසන් කර තිබීම නිසා ඇයගේ අපේක්ෂාව වෙන්නේ ගුරු වෘත්තියේ නියැලෙන්නට. ඉතින් ඇයගේ රංගන කටයුතුත්, නර්ථන කටයුතුත් නිරූපණ ක්ෂේත්රයේ කටයුතු වගේම ඇයගේ අනාගත අපේක්ෂාව වන ගුරුවරියක් වීමේ අභිලාෂයත් ඇයට මුදුන්පත් කර ගැනීමට හැකියාව ලැබෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා