යුද උණුසුම අතරේ ඩොලරයේ අද මිල ගණන් මෙන්න

Report

අද දින ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර, සමහර බැංකු වල විකුණුම් අනුපාතය රුපියල් 316 දක්වා ළඟා වී තිබේ.

සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රුපියල් 308.75 සිට රුපියල් 309.75 දක්වා සහ රුපියල් 313.50 සිට රුපියල් 314.50 දක්වා ඉහළ ගොස් තිබේ.

NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රුපියල් 308.40 සිට රුපියල් 309.50 දක්වා සහ රුපියල් 314.90 සිට රුපියල් 316 දක්වා ඉහළ ගොස් තිබේ.

රන් වෙළඳපොළෙන් හදිසි වෙනසක් - මිල අඩුවීම් ගැන සුබ ආරංචියක්

රන් වෙළඳපොළෙන් හදිසි වෙනසක් - මිල අඩුවීම් ගැන සුබ ආරංචියක්

මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 308.01 සිට රුපියල් 308.90 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය රුපියල් 314.81 සිට රුපියල් 315.72 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මැද පෙරදිග යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ ඩොලරය ඉහළ ගිහින්

මැද පෙරදිග යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ ඩොලරය ඉහළ ගිහින්

මේ අතර, කොමර්ෂල් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 306.35 සිට රුපියල් 307.34 දක්වා සහ රුපියල් 314.75 සිට රුපියල් 315.75 දක්වා ඉහළ ගොස් තිබේ.

සම්පත් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 308.50 සිට රුපියල් 310.25 දක්වා සහ රුපියල් 315 සිට රුපියල් 316.75 දක්වා ඉහළ ගොස් තිබේ.