උත්සව සමයේ වෙනුවෙන් ජනතාවට දැනුම්දීමක් - අද සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000ක් ක්‍රියාත්මකයි
එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ආහාර ද්‍රව්‍ය අළෙවි කරන වෙළඳසැල් පරීක්ෂා කිරීමේ කටයුතු අද (23) දින සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඒ අනුව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කියා සිටියේ මෙම පරීක්ෂා කිරීමේ කටයුතු වෙනුවෙන් දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහසකට ආසන්න පිරිසක් යොදවන බවයි.
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අලුත් අවුරුද්දට සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල රට පුරා විශේෂ වැඩක්
එසේම උත්සව සමයේදී කූඨ වෙළඳුන් විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කිරීමට හැකි බැවින් ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව විමසිල්ලෙන් ක්‍රියා කළ යුතු බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් ජනතාව දැනුවත් කරයි.
මේ අතර එළඹන උත්සව සමය නිමිත්තෙන් ඉකුත් විසිවනදා සිට පාරිභෝගික කටයුතු අධිකාරියද වෙළඳසල් පරීක්ෂා කිරීම සහ විශේෂ වැටලීම් ආරම්භ කර ඇති බව සඳහන්.