රුපියල් කෝටි 10ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ ‘පොඩි සුරේෂ්ගේ’ ප්‍රධාන ගෝලයෙක් STF දැලට

Report

රුපියල් කෝටි 10කට අධික වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, ඊයේ (19) කඩවත ප්‍රදේශයේ සාන්ත අන්ද්‍රේ අවිල්ලීනු දේවස්ථානය ඉදිරිපිටදී මෙම වැටලීම සිදුකර ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අත්අඩංගුවට පත් සැකකරු විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන ‘පොඩි සුරේෂ්’ සහ ‘සංඛ සමීර’ යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන සාමාජිකයෙකු බවයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 288ක්, විද්‍යුත් තරාදියක්, ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදල් සහ ප්‍රවාහනය සඳහා භාවිත කළ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ ගණේමුල්ල, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය