ජනපති අනුර හමු වූ ජෙයි ෂා සිය නිල X ගිණුමේ විශේෂ සටහනක් තබයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව හමුවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි අනාගතය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ලැබීම තමන් ලැබූ සුවිශේෂී වරප්‍රසාදයක් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජෙයි ෂා මහතා පවසයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා මේ බව ප්‍රසිද්ධියේ සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා සමඟ කොළඹදී පැවැති නිල සාකච්ඡාවෙන් අනතුරුව සිය නිල එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමිනි.
එහිදී සමස්ත ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉතා සුවිශේෂී මෙන්ම ගෞරවනීය ස්ථානයක් බව පෙන්වා දුන් ජෙයි ෂා මහතා, විවිධ ජාත්‍යන්තර තරගාවලි සඳහා සාර්ථකව සත්කාරකත්වය සැපයීමේදී සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ සක්‍රීය දායකත්වය ද බෙහෙවින් අගය කර තිබේ.
එමෙන්ම මෙම නිල හමුවේදී මෙරට නැගී එන දක්ෂ ක්‍රීඩකයින් සඳහා වන ජාත්‍යන්තර අවස්ථා තවදුරටත් පුළුල් කිරීම, බිම් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් වඩාත් ශක්තිමත් කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා සහ අයිසීසී සභාපතිවරයා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
අනාගත පරපුර වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට රැගෙන යාම සඳහා මෙරට සියලුම වගකිවයුතු පාර්ශවකරුවන් සමඟ නිරන්තරයෙන් සමීපව කටයුතු කිරීමට තමන් දැඩිව බලාපොරොත්තු වන බව පැවසූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා, ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දක්වන සුවිශේෂී සහයෝගය පිළිබඳව ද සිය හෘදයාංගම ස්තූතිය පුද කර සිටියි.
ඔහු X මාධ්‍යයෙහි තැබූ සටහන පහතින්,
"අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින හමුවීමට ලැබීම සහ ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබීම මම ලැබූ සුවිශේෂී වරප්‍රසාදයක් කොට සලකමි. අපගේ සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වූයේ නැගී එන ක්‍රීඩකයින් සඳහා වන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම, බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සමාජයීය බලපෑමක් සහ ආර්ථික වර්ධනයක් ඇති කරලීමේ මෙවලමක් ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.
භෞත චිකිත්සකවරියගේ මරණයට හේතුව ගැන විමර්ශන නිලධාරින්ගෙන් අනාවරණයක් - සැකකරු තිදරු පියෙක් බවත් හෙළි වේ
එසේම ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි සඳහා සත්කාරකත්වය සැපයීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම ඉටු කරන කාර්යභාරය සහ මෙම ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය වෙනුවෙන් දක්වන දායකත්වය පිළිබඳවද අපි අදහස් හුවමාරු කර ගත්තෙමු. ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයකි. එබැවින් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අනාගත පරපුර වෙනුවෙන් නව අවස්ථා නිර්මාණය කිරීමටත් ක්‍රීඩාවේ සියලුම පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා දක්වන නොසැලෙන සහයෝගය සහ ඔහුගේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව මගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමි."
It was a privilege to meet His Excellency President @anuradisanayake today and discuss the current status of cricket in Sri Lanka. Our discussions focused on increasing opportunities for emerging players, supporting grassroots and youth development programmes, and leveraging… pic.twitter.com/9Zk5oQcGX5
— Jay Shah (@JayShah) June 19, 2026