රවී, ශානි, පොලිස්පතිට දිගටම චෝදනා එල්ලවෙන හේතුව.. අපි ඒ කිසිවකට ඇහුම්කන් දෙන්නේ නෑ - වටගල කියයි

Report

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කරන්නේ වත්මන් පොලිපතිවරයා, රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර සහ දිලීප පීරිස් සිය රාජකාරිය නිවැරදිවම සිදුකරමින් සිටින බවයි.

එබැවින් විපක්ෂය පදනම් විරහිත චෝදනා සිදුකරමින් සිටින බවට ඔහු ප්‍රකාශ කරයි. ඒ අනුව වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කියා සිටියේ,

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

"වත්මන් පොලිස්පතිවරයාට පදනම් විරහිතව චෝදනා කරනවා.. ඇයි? පොලිස්පතිකමේ වැඩේ හොඳට කරනවා. ඒක තමයි හතුරන්ට තියෙන විවේචනය. ශානි අබේසේකරට චෝදනා එල්ල කරනවා. ඇයි? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩේ හොඳට කරනවා. රවී සෙනෙවිරත්නට චෝදනා එල්ල කරනවා. ඇයි? අමාත්‍යාංශයේ වැඩේ හොඳට කරනවා. දිලීප පීරිස්ට පහර පිට පහර දෙනවා. ඇයි? ජනතාවගේ අභිලාෂයන්වලට නීතිපති දෙපාර්තමේන්තුව ගලපනවා. එතකොට මේ පාලනයට වෛර කරන මිනිස්සු, විපක්ෂය අද පදනම් විරහිත චෝදනා කරනවා. අපි ඒ කිසිවකට ඇහුම්කන් දෙන්නේ නෑ. ඒ කිසිවකට අපේ ගමන නතර කරන්නත් බැහැ" යනුවෙන්.

පන්සලකට කෝටි 18.5ක්.. අගමැතිනි ගත්තු ක්ෂණික තීරණයෙන් හැමෝම මවිත වෙයි

පන්සලකට කෝටි 18.5ක්.. අගමැතිනි ගත්තු ක්ෂණික තීරණයෙන් හැමෝම මවිත වෙයි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අද වෙන්නේ මේකයි - උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අද වෙන්නේ මේකයි - උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක්