ලෝකෙම පුදුම කරමින් රුමේෂ් තරංගට තවත් ජයග්‍රහණයක් - ලෝක ශූරයනුත් පරදා ඉදිරියට
By Kaushi
කටාර්හි පැවති දෝහා ඩයමන්ඩ් ලීග් 2026 තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සිය විශිෂ්ට දස්කම් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සමත් විය.
ඒ තවත් ප්රමුඛ ජයග්‍රහණයක් ලබා ගනිමින්. 2026 දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.
ඒ අනුව ඔහු, දෙවරක් ලෝක ශූරයා වූ ග්‍රෙනාඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්, ඇමරිකා එක්සත් ජනපදයේ කර්ටිස් තොම්සන්, ඉන්දියාවේ හිටපු ඔලිම්පික් සහ ලෝක ශූර නීරාජ් චොප්රා සහ වත්මන් ලෝක ශූරතා දරන්නා වූ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝවේ කෙෂෝන් වැල්කොට් ඇතුළු හෙවිවේට් හෙල්ල විසි කිරීමේ පිටියක් පරාජය කරමින්.
එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 88.68ක් බව සඳහන්. එසේම මෙය ඔහුගේ අඛණ්ඩ දෙවන ඩයමන්ඩ් ලීග් ජයග්රහණයද වනු ඇති බව පවසයි.