කොදෙව් දේශයේදී ශ්‍රී ලංකා සිංහයන් දැමූ සුපිරි සෙල්ලම- සත්කාරකයෝ අන්දමන්ද වෙති
බටහිර ඉන්දීය කොදෙව් තේරීම් XI කණ්ඩායමට එරෙහි සිව්දින පුහුණු තරගයේ දෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී කඩුලු 4ක් දැවී ලකුණු 173ක් රැස් කරමින් තරගයේ පාලනය තමන් සතු කරගෙන තිබේ.
කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකාව තවමත් ලකුණු 32කින් පසුපසින් සිටියද, අතේ කඩුලු 6ක් තිබීම හේතුවෙන් පළමු ඉනිමේ පෙරමුණ ලබාගැනීමේ වාසිය ඔවුන් සතු වී ඇත.
දිනය ආරම්භයේදී බටහිර ඉන්දීය කොදෙව් තේරීම් XI කණ්ඩායම ලකුණු 205කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී මැකෙන්සි ලකුණු 58ක් රැස් කළ අතර කෙවින් වික්හැම් ලකුණු 20ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 39කට කඩුලු 4ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාවට ආරම්භක පිතිකරු නීසන් මධුෂ්කගෙන් වේගවත් ආරම්භයක් හිමි වූ අතර ඔහු පන්දු 49කදී ලකුණු 46ක් රැස් කළේය.
නායක ධනංජය ද සිල්වා ලකුණු 34ක දායකත්වයක් ලබා දුන් අතර, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 54ක් රැස් කරමින් ඉනිමේ කොඳු නාරටිය බවට පත්විය.
දෙවැනි දිනය නිමාවන විට චන්දිමාල් නොදැවී ලකුණු 54ක් සහ දිනූෂ නොදැවී ලකුණු 5ක් ලබා ක්‍රීස් මත රැඳී සිටි අතර, තෙවැනි දිනයේදී පළමු ඉනිමේ පෙරමුණක් හිමිකර ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණ වනු ඇත.