රේගුව කටුනායක හොල්ලයි - පළමු වතාවට කෝටි 37.7ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 23 හැවිරිදි විදේශිකයෙක් අත්අඩංගුවට

Report

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රුපියල් මිලියන 377කට අධික වටිනාකමකින් යුත් හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරට තුළට රැගෙන ඒමට උත්සාහ කළ විදේශීය ජාතිකයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විශේෂ ගුවන් මගීන් මුදල් ගෙවා පහසුකම් ලබාගන්නා 'ගෝල්ඩ් රූට්' මගී පර්යන්තය ඔස්සේ මෙම විදේශිකයා ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළදී මෙසේ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි ඩොමිනිකන් ජාතිකයෙක් බව සඳහන්. රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී මෙම සැකකරු සන්තකයේ තිබී සොයාගත් අඳාළ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 37ක් පමණ වන බව පවසයි.

එමෙන්ම මෙතරම් විශාල වටිනාකමක් සහිත " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවද සඳහන්.

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

සාම ගිවිසුම නිසා අදහාගන්නත් බැරි තරමට පල්ලම් බහින තෙල් මිල - අද තවදුරටත් පහළට

සාම ගිවිසුම නිසා අදහාගන්නත් බැරි තරමට පල්ලම් බහින තෙල් මිල - අද තවදුරටත් පහළට

තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතාගේ ආන්දෝලාත්මක තොරතුරු රැසක් එළියට - තට්ට හිසක් සහිතව ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටලා

තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතාගේ ආන්දෝලාත්මක තොරතුරු රැසක් එළියට - තට්ට හිසක් සහිතව ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටලා