මෙහෙමයි හොරකම් කරන්නැතුව දේශපාලනය කරන්න බෑ - රොෂාන් රණසිංහ තමන්ගේ කටින්ම කියයි

Report

සර්වජන බලයේ රොෂාන් රණසිංහ මහතා විසින් මාධ්‍ය හමුවක් තබමින් ඔහුගේ අදහස් පල කර ඇත.

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

එහිදී ඔහු පවසා සිටියේ,

"පූර්ණ කාලීන දේශපාලනය කරන්න බෑ හොරකම් නොකර.පූර්ණකාලීනව දේශපාලනය කරනවානම් ඔහු මංකොල්ලකාරයෙක්.එක්කො ඔහු කප්පම් කාරයෙක්.එක්කො ඔහු දූශිතයෙක්.

ඒක තමයි සත්‍යය.එක්කෝ කප්පම් කන්න ඕනේ බලය ගත්තහම දෙනවයි කියලා.නැත්නම් බලේ ඉන්නකොට කප්පම් ගන්නවා.එක්කෝ පගා ගහනවා.ඒක නොයෙක් ආකාරයෙන් තියෙනවා.දැන් පහුගිය ආණ්ඩුවල හිටපු නායකයො මට හැප්පෙන්න සිද්ධ වුනා.සමහට ක්‍රීඩා සංගම් වල සාක්කු වලට නායකයා බැස්සා.ඒත් දූෂණය.ඒකත් හොරකම.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

ඒ වගේම සමහරු කිව්වා ව්‍යාපෘති වලින් ගැහුවයි කියලා.ඒක අදද හෙටද අනාගතයේද නෙමෙයි.මෙන්න මේ දූශනය කියන එක අවංකවම දේශපාලනයට එන පුද්ගලයන්ට අදූශිත රටක් නිර්මාණය කරනවයි කියලා අවංකවම සත්භාවයෙන් චේතනාවක් නැතුව දූෂණය නවත්වනවයි කියූ පලියට නතර වෙන්නෑ. දූශණය හැම අතින්ම වෙනවා.

ඕනේනම් කැසිනෝකාරයෙක් ගෙනත් කැසිනෝ ගහන්න ඉඩ දෙන්න පුලුවන්.ඒ නිසා මම කියන්නේ පූර්ණ කාලීන දේශපාලනය කරනවනම් හොරකම් කරන්න බෑ." යැයි ඔහු පවසයි