සුපිරි පාපන්දු තරුව රොනාල්ඩෝ විවාහ දිවියට - වසර 10ක ආදරය කතාවක්

Report

පාපන්දු ලොව සුපිරි තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය දිගුකාලීන පෙම්වතිය වන නිරූපණ ශිල්පිනී සහ සමාජ මාධ්‍ය බලපෑම්කාරිනී ජෝර්ජිනා රොඩ්‍රිගස් සමඟ විවාහ වී තිබේ.

පෘතුගාලයේදී පැවති සිවිල් විවාහ උත්සවයකදී ඔවුන් මෙලෙස විවාහ දිවියට පිවිස ඇති අතර, රොනාල්ඩෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මංගල මුදු පැළඳි අත් දෙකක ඡායාරූපයක්ද එක්කර තිබේ.

පෘතුගාල මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම යුවළ අගෝස්තු 11 වැනිදා ලිස්බන් නගරයට ආසන්න වෙරළබඩ නගරයක් වන කැස්කේස්හිදී විවාහ වී ඇති බවයි. ඔවුන්ගේ දරුවන් පස්දෙනාද විවාහ උත්සවයට සහභාගී වී ඇති බව එම වාර්තා සඳහන් කරයි.

රොනාල්ඩෝ විසින් විවාහය සම්බන්ධයෙන් පළ කළ ඉන්ස්ටග්‍රෑම් සටහනට මිනිත්තු 30ක් ඇතුළත ලයික් මිලියන 3කට අධික ප්‍රමාණයක් ලැබී තිබීමද විශේෂත්වයකි. රොනාල්ඩෝ සහ රොඩ්‍රිගස් වසර 10ක පමණ කාලයක් එකට සිට ඇති අතර, ඔවුන් පළමු වරට හමුවී ඇත්තේ රොඩ්‍රිගස් මැඩ්රිඩ් නුවර ගුචී වෙළෙඳසැලක සේවය කරමින් සිටියදීය.

වසර 27කට පසු උදාවූ දුර්ලභ මොහොත- යුරෝපයට අද පූර්ණ සූර්යග්‍රහණයක්

වසර 27කට පසු උදාවූ දුර්ලභ මොහොත- යුරෝපයට අද පූර්ණ සූර්යග්‍රහණයක්

එම අවස්ථාවේදී රොනාල්ඩෝ ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරමින් සිටියේය. පසුගිය වසරේ අගෝස්තු 11 වැනිදා ඔවුන් සිය විවාහ ගිවිස ගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, රොඩ්‍රිගස් එහිදී විශාල මංගල මුදුවක් සහිත ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණි.

මේ අතර, රොනාල්ඩෝ මේ වනවිට සිය වෘත්තීය පාපන්දු දිවියේ ගෝල 1,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, ස්පෝර්ටින් ලිස්බන්, මැන්චෙස්ටර් යුනයිටඩ්, රියල් මැඩ්රිඩ්, ජුවෙන්ටස්, සෞදි අරාබියේ අල් නස්ර් සහ පෘතුගාල ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.

එමෙන්ම ඔහු මෑතකදී සිය හයවැනි ලෝක කුසලාන තරගාවලියටද සහභාගී වී ඇති අතර, පිරිමි ලෝක කුසලාන අවසන් තරගාවලි සඳහා වැඩිම වාර ගණනක් සහභාගී වූ ක්‍රීඩකයන් අතර ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සමඟ එම වාර්තාවද බෙදා ගනී.

මීට පස්සේ කම්පැනිවලින් අනවශ්‍ය කෝල් එන්නේ නෑ - ඊයේ ඉඳන් මේ අයට අලුත් නීතියක්

මීට පස්සේ කම්පැනිවලින් අනවශ්‍ය කෝල් එන්නේ නෑ - ඊයේ ඉඳන් මේ අයට අලුත් නීතියක්