වසර 27කට පසු උදාවූ දුර්ලභ මොහොත- යුරෝපයට අද පූර්ණ සූර්යග්‍රහණයක්
වසර 27කට පසු යුරෝපයේ ප්‍රදේශ රැසකට පූර්ණ සූර්යග්‍රහණයක් අද (12) දිස්වන බව වාර්තා වී ඇත මෙම දුර්ලභ තාරකා විද්‍යාත්මක සංසිද්ධිය යුරෝපයේ රටවල් කිහිපයක ජනතාවට නිරීක්ෂණය කිරීමට අවස්ථාව හිමිවන අතර, සූර්යයා සම්පූර්ණයෙන්ම චන්ද්‍රයාගෙන් වැසී යන අවස්ථාවක් ලෙස පූර්ණ සූර්යග්‍රහණය හැඳින්වේ.
මෙවැනි සූර්යග්‍රහණයක් නැරඹීමේදී සෘජුවම සූර්යයා දෙස නොබලා, ආරක්ෂිත සූර්යග්‍රහණ නිරීක්ෂණ කණ්ණාඩි භාවිත කරන ලෙස විශේෂඥයින් උපදෙස් ලබා දී තිබේ.
පශ්චාත් උපාධියට ආයේ රට යන්න බැරි වෙයිද? පශ්චාත් උපාධිය හැදෑරීමට විදෙස්ගත වූ විශ්වවිද්‍යාල ආචාර්යවරු කෝටි 340ක් පොලු තියලා
දැකගත හැකි ප්‍රදේශ-
ග්‍රීන්ලන්තය, බටහිර අයිස්ලන්තය, උතුරු රුසියාව සහ උතුරු ස්පාඤ්ඤය.ස්පාඤ්ඤයට ඇති දුර්ලභත්වය: 1905 වසරෙන් පසු ස්පාඤ්ඤ ප්‍රධාන භූමියට ලැබෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය මෙය වන අතර, සූර්යයා බැස යෑමට ආසන්න මොහොතක (පස්වරු 8.30 ට පමණ) දර්ශනය වීම විශේෂත්වයකි
කාලසීමාව-
පූර්ණ අන්ධකාරය පැවතෙන උපරිම කාලය විනාඩි 2ක් සහ තත්පර 18ක් පමණ වේ