පුද්ගලික බස් රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්!

By Shehan Mar 05, 2025 10:10 AM GMT
Report

පුද්ගලික බස් රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ එම බස්රථවල CCTV ආරක්ෂණ කැමරා පද්ධති සවිකර ඇත්නම් පමණක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති බී. ඩී. විතාරණ ප්‍රකාශ කළා.

ඒ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

මෝදි අප්‍රේල් මුල ලංකාවට!

මෝදි අප්‍රේල් මුල ලංකාවට!

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ කාන්තා හිංසනයන්ට අදාළ පැමිණිලි දැනුම්දීමට ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවයි.

පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් වැළැක්වීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළීවෙළක් අවශ්‍ය බවත් පොදු ප්‍රවාහනය කාන්තාවන්ට පොදු අවකාශයක් බවට පත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළා.