වැඩ නැවතුන මාර්ග යළි හදන්න රජයෙන් විශේෂ තීරණයක් ගනී..

Central Bank of Sri Lanka Parliament of Sri Lanka Siripala Gamalath Sri Lanka Politician Economy of Sri Lanka
By Aruna Sep 19, 2023 02:31 AM GMT
Aruna

Aruna

Report

ඉදිකිරීම් ආරම්භ කර අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිත අතර එම මාර්ගවල ඉදිකිරීම් කඩිනමින් නිමකර ජනතා අයිතියට පවරාදීමට කටයුතු කරන බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

"මේ රටේ මහාමාර්ග හදලා වැඩ භාගෙට නතර කරපුවා මේකට ගෙවන්න මුදල් නැතුව කොන්ත්‍රාත්කරුවෝ විශාල අසීරුතාවයකට පත්වුණ වෙලාවක්.

මේ මුදල ඉක්මනින් ගෙවලා දෙන්න කියලා තමයි කිව්වේ. ඒ වෙනවිට ගෙවීමට තිබුණා, මිලියන 180.9ක් මම එනකොට.

එතකොට මේ මුදල අවුරුද්දට අඩු කාලයක්, පාරවල් හදන්න වියදම් වෙන මුදලට සමානයි කියන එක තමා මම හිතන්නේ.

අපි මේ වෙනවිට මිලියන 151.7ක් ගෙවලා තියෙනවා. අදට ගෙවන්න තියෙන්නේ මිලියන 29.2ක්. මේ මුදල සම්පුර්ණයෙන් ගෙවලා කොන්ත්‍රාත්කරුවෝ අද නිදහස්වෙලා.

නැවත මේ කටයුතු කරන්න පටන් ගෙන තියෙන්නේ. අපි මේ අයවැයෙන් බලාපොරොත්තු වෙනවා පාරවල් නඩත්තු කිරීම වගේම නතර කරපු පාරවල් ඉවර කරන්න ඉදිරි කාලයේ දී කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා."

කොරියන් සිහිනයට නව බලාපොරොත්තුවක්..මෙරට ජනපති කොරියානු ජනපති හමුවෙයි..(PHOTOS)

කොරියන් සිහිනයට නව බලාපොරොත්තුවක්..මෙරට ජනපති කොරියානු ජනපති හමුවෙයි..(PHOTOS)


ReeCha