මිහින්තලේ ගිරිබන්න සෑය කඩා වැටීමේ අවදානමක්
භූ විද්‍යා හා පතල් කැනීම් අංශයේ ඉංජිනේරුවන්ගේ පරීක්ෂණවලින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ ඉහළ මළුවේ පිහිටි ධර්ම ශාලාව ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.
එසේම මිහින්තලේ ගිරිබන්න සෑයද කඩා වැටීමේ අවධානමක් පවතින බවට ඔවුන් අදහස් පළ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ තත්ත්වය සොයා බැලීම සඳහා අදාළ ඉංජිනේරුවන් පැමිණි අතර, පරීක්ෂා කිරීම් වලින් අනතුරුව ඔවුන් මෙම අවදානම් තත්ත්වය තහවුරු කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මේ සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බව ඔවුන් දන්වා තිබෙනවා.