මෙරටින් සහල් හිගයක්.. සහල් නැති වෙයිද ?

Sri lanka covid 19 Corona virua
By Sithumi Sep 16, 2021 11:07 AM GMT
Sithumi

Sithumi

Report

බස්නාහිර පළාතේ ප්‍රධාන සහල් වෙළෙඳ පළ වන මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇති වී තිබෙන බව මරදගහමුල සහල් නිපදවන්නන්ගේ සමිතිය කියා සිටියි.

දැනට පවත්නා මිලට වී මිලට ගෙන සහ නිපදවමින් වත්මන් පාලන මිලට සහය ලබාදීමට අසීරු නිසා මෙම තත්වය ඇතිව තිබෙන බව එම සංගමය සභාපති රංජිත් කරුණාතිලක මහතා සඳහන් කළේය. අද වන විට මරදගහමුල සහල් මෝල්වල සහල් නිපදීවම නවතා ඇති බවද ඔහු පවසයි. 

 දැනට මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සහල් මිලට ගැනීමේදී විශාල තදබදයක් නිර්මානය වෙමින් ඇති බවත් මෙය දිගින් දිගටම පැවතීම සහල් හිගයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් ඔහු කියා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now