කාන්තාවන්ට හා පිරිමින්ට වෙන වෙනම විශ්‍රාම යෑමේ වයස් සීමවේ සංශෝධනයක්

By Sewvandhi Sep 13, 2024 04:09 PM GMT
Report

සේවකයින්ගේ විශ්‍රාම වයස ක්‍රමානුකූලව ඉහළ දැමීමට චීනය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ 1950ට පසුව පළමු වරට ය. වයසක ජනගහනය වර්ධනය වීම සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා සිදුවන වැය ඉහළ යාමයි, ඊට ප්‍රධාන හේතු ලෙස සඳහන් කරන්නේ.

ඒ අනුව කම්කරු වෘත්තීන් හි යෙදෙන කාන්තාවන් ගේ විශ්‍රාම වයස අවුරුදු 50 සිට 55 දක්වාත් උසස් රැකියාවල යෙදෙන කාන්තාවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 55 සිට 58 දක්වා වැඩිකර තිබේ.

පිරිමින්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 සිට 63 දක්වා වැඩිකර තිබුණි. මෙම සැලසුම 2025 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජයග්‍රහණයෙන් පසුව 22 වනදා සැමරීම සිදු කරන හැටි අනුර කියයි..

ජයග්‍රහණයෙන් පසුව 22 වනදා සැමරීම සිදු කරන හැටි අනුර කියයි..