49 වන ජනරජ දිනය අදයි
Dayasiri Jayasekara
parliament
republic day
Sirimawoo Bandaranayake
By Sewvandhi
ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමේ 49 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. 1948 වසරේ ඩොමීනියන් තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව නිදහස ලැබූ අතර, ව්‍යවස්ථාව වෙනස් කරමින් මෙරට ජනරජයක් බවට පත් කෙරුණේ 1970 වසරේ බලයට පැමිණි සමගි පෙරමුණු රජය යටතේයී.
ඒ, ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජනවරමක් හිමිකරගත් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ රජය විසින් 1972 වසරේ මැයි 22 වැනිදා ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.
කෙසේ නමුත්, වර්තමානයේ පවතින කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ මෙවර ජනරජ දින සැමරුම් සීමා කර තිබෙනවා.
ඒ අනුව බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා ඇති සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රතිමාව ඉදිරියේ පුෂ්පෝපහාරයක් අද (22) උදෑසන සිදුකෙරෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |