පෙම්වතාට අමුතුම ආදර තෑග්ගක් දුන්න පෙම්වතියට අවසානේ නවතින්න වුනු තැන..

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Sri Lanka Magistrate Court
By Piyumika Dec 31, 2024 09:28 AM GMT
Piyumika

Piyumika

Report

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ජංගම දුරකථනයක් අස්ථානගතවීම සම්බන්ධව නුවරඑළිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී එම නඩු භාණ්ඩ ගබඩාවේ සේවය කළ කාන්තාවක විසින් එම ජංගම දුරකථනය සොරාගෙන ඇති බව පොලිසියට අනාවරණය වී තිබෙනවා.

නව නාවික හමුදාපති වැඩභාරගනී..

නව නාවික හමුදාපති වැඩභාරගනී..

එහිදී පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම හමුවේ ඇය පවසා ඇත්තේ, නඩු භාණ්ඩයක් වන වටිනා ජංගම දුරකථනය සොරාගෙන සිය පෙම්වතාට තෑගි වශයෙන් ලබා දුන් බවයි.

නඩු භාණ්ඩ කාමරයේ ජංගම දුරකථනයක් අස්ථානගත වීම සම්බන්ධව පසුගිය22 වනදා නුවරඑළිය පොලිසියට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව දුරකතන දත්ත පරීක්ෂා කර ලබාගත් තොරතුරු ඔස්සේ අස්ථානගත වූ දුරකථනය භාවිතා කළ පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

ප්‍රේම සබඳතාව නතර කළ ද නිතර කතා බහ කරමින් මිතුරන් සේ සිටි පෙම්වතියට පෙම්වතා කරපු දේ..

ප්‍රේම සබඳතාව නතර කළ ද නිතර කතා බහ කරමින් මිතුරන් සේ සිටි පෙම්වතියට පෙම්වතා කරපු දේ..

එහිදී ඔහු පවසා ඇත්තේ සිය පෙම්වතිය විසින් මෙය තමාට තෑගී දුන් බවයි.

ඉන් අනතුරුව පොලිසිය විසින් එම සැකකාර පෙම්වතියව ඊයේ (30) දින අත්අඩංගුවට ගනු ලැබූ අතර, මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

You may like this video

ReeCha