අද රන් මිල වැඩිවේ
Gold Price in Sri Lanka
Colombo
Gold
Sinhala news
By Mithu
පසුගිය කාල සීමාවේදී ලක්ෂ දෙක පැන්න කැරට් විසි දෙකේ රොන් පවුමක මිල මේ වන විට විවිධ අවස්ථාවන්වලදී අඩු වැඩි වීම් වලට මුහුණ දුන්නා.
ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින රන් මිල රුපියල් 1,000 කින් ඉහළ ගොස් ඇති බව කොළඹ චෙට්ටියාර් වීදියේ රන් හා ස්වර්ණාභරණ සංගමය පවසයි. ඒ අනුව, කොළඹ චෙට්ටියාර් වීදියේ අද දින රන් මිලට අනුව, කැරට් 24 රන් පවුමක් රුපියල් 269,000 කට අලෙවි වේ.
කැරට් 22 රන් පවුමක් රුපියල් 247,500 කට සහ කැරට් 18 රන් පවුමක් රුපියල් 202,000 කට අලෙවි වේ. ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 33,625 කට අලෙවි වේ. කැරට් 22 රන් ග්‍රෑම් එකක් රුපියල් 30,875 කට සහ කැරට් 18 රන් ග්‍රෑම් එකක් රුපියල් 25,250 කට අලෙවි වේ.
