වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් ජීවිතක්ෂයට

Report

මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාරයෙන් පලායාමට තැත්කිරීමේදී බන්ධනාගාර නියාමකවරයෙකු එය වැලැක්වීමට යාමේදී ඇදවැටීමකින් සැකකරුවෙක් මියගොස් ඇත.

කෙසේවෙතත්, මියගිය සැකකරුවාගේ ඥාතීන් ප්‍රකාශ කළේ, බන්ධනාගාර නිලධාරීන් සිදුකළ පහරදීමකින් මරණය සිදුවූ බවට සැකයක් පවතින බවය. අද (27) පෙරවරු 11ට පමණ මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු මැගසින් බන්ධනාගාරයෙන් පලායාමට උත්සහ කර ඇති බව සඳහන්ය.

එහිදී ක්‍රියාත්මක වූ බන්ධනාගාර නියාමකවරයෙකු ඔවුන් සමඟ පොරබැදීමේදී සිදුවූ ඇදවැටීමෙන් එක් සැකකරුවෙක් මියගොස් අනෙක් සැකකරු හා අදාළ නිලධාරීයා තුවාල ලබා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.