මිදිගම රුවන් ලබන ජනවාරි තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි..

Police spokesman Sri Lanka Police Prisons in Sri Lanka Prison
By Aruna Dec 19, 2024 06:01 AM GMT
Aruna

Aruna

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා ප්‍රශ්න කර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මත්කඩු ජාවාරමේ යෙදුණු වික්‍රමරත්න නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිඳු එම දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ බවට සහ පලා යාමට උදව් කළ බව කියන සිද්ධියේ සැකකරුවෙක් ලෙස නම් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවෙකුවන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (19) නියෝග කළ බවයි.

පරිභෝජනයට නුසුදුසු සහල් ඇටයක්වත් මෙරටට ගෙන්වීමට ඉඩ නොතබන බව ඇමති කියයි..

පරිභෝජනයට නුසුදුසු සහල් ඇටයක්වත් මෙරටට ගෙන්වීමට ඉඩ නොතබන බව ඇමති කියයි..


සැකකරු බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළේ. සැකකරු ඇප මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදී.

අද දින නීතිපති නියෝජනයක් සිදු කරන ලෙස දන්වා තිබුණද නීතිපති නියෝජනයක් තිබුණේ නැත.

පාසල් නිවාඩු සමයේ හදිසි අනතුරු ගැන රතු එළියක්..මේ ගැන අවධානයෙන් ඉන්න.

පාසල් නිවාඩු සමයේ හදිසි අනතුරු ගැන රතු එළියක්..මේ ගැන අවධානයෙන් ඉන්න.


හරක් කටා නොහොත් නදුන් චින්තක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට තැත් කළ සිද්ධියේ දී ඩුබායි සිටින ඔහුගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති යන අය එම සිද්ධියේ 14 වන සැකකරු ලෙස නම් කරන බවයි බී වාර්තාවක් මගින් අධිකරණයට දන්වා තිබෙන්නේ.

YOU MAY LIKE THIS VIDEO


ReeCha