මාස් කන්නයේ ගොවීන්ට සහනයක්.
Mahinda Amaraweera
Sri Lanka
Ministry of Agriculture
By Hashini
පසුගිය යල කන්නයේ දී වගා හානි සිදු වූ ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදුකිරීම සඳහා සහන රුපියල් 17,000ක ඩීසල් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ අදාළ සහනය ලබාදෙනු ලබන්නේ රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා වන්දි වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැඟින් ලබා දෙන වන්දි මුදලට අමතරව බවයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වගා හානි සිදුවූ ගොවින්ට ලබා දිය යුතු සහන පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී මෙම සහනය ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි දින දෙක තුළ එක් ගොවියෙකුට ලීටර් 40ක් බැගින් ඩීසල් බෙදාහැරිමට නියමිතය.
