බැංකු ගිණුම් හිමියන්ට ගහන 10%ක බද්ද නිසා ප්‍රාදේශීය කාර්යාල ෆුල්
By Mithu
මේ දිනවල බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද නැවත බැංකු මගින් ඉල්ලුම් කිරීමේදී ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ (TIN) අනිවාර්ය කර තිබෙන බැවින්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් එම අංකය ලබා ගැනීමට මිනිසුන් විශාල පිරිසක් උත්සහ කරයි.
සාමාන්‍යයෙන් දිනකට දෙදහසකට අධික පිරිසක් පැමිණෙන බවට තොරතුරු අනාවරණය වන අතර මේ නිසා මේ දිනවල එම කාර්යාලවල දැඩි තදබදයක් පවතින බවටත් වාර්තා වේ.
රුපියල් ලක්ෂ 18 කට වඩා අඩු ආදායමක් ලබන පිරිසගේ බැංකු පොලිය මත අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද නැවත බැංකුවලින් ඉල්ලීමට හැකි අතර, ඒ සඳහා ඉල්ලුම් කිරීමේ ලිපිය සමග ටින් අංකය තිබීම අනිවාර්ය කර ඇත.
එම නිසා එය ලබා ගැනීමට බොහෝ දෙනා මේ දිනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණෙයි.