ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියෙකුත් රිමාන්ඩ්
කුඹුරක් ආශ්‍රිතව ව්‍යාපාර ස්ථානයක් පවත්වාගෙන යාම පිළිබඳව නීතිමය ක්‍රියා මාර්ග නොගෙන සිටීමට රුපියල් 25000ක මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් බව කියන දෙනියාය ගොවිඡන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියෙකු එළඹෙන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (8) දින නියම කර තිබෙනවා.
ඒ අනුව සිද්ධියට අදාළ සැකකරු අල්ලස් කොමිසම මඟින් අද අධිකරණයට ඉදිරිපත් කර ඇත.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දෙනියාය ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියෙක් වශයෙන් සේවය කරන ලද කොටගල ඩීමන්ගේ නැමැති පුද්ගලයෙක්.
මේ අතර සැකකර පාර්ශවය සඳහා අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා විසින් තම සේවා දායකයා අල්ලසක් වශයෙන් මුදල් ඉල්ලා නොමැති බව ප්‍රකාශ කළා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බව අධිකරණයට දැන්වු විමර්ශන නිලධාරීන් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.
ඒ අනුව දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු එළඹෙන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් සිද්ධිය පිළිබඳව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.