විදුලි බල සේවකයන් මානව හිමිකම් යයි - මෙන්න හේතුව

By Mithu Oct 08, 2025 12:06 PM GMT
Report

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණට සමගාමීව වන්දි ලබා ඉවත්වීමට අයදුම්පත් යොමුකළ සේවකයන්ට එම මණ්ඩලය නිසි ක්‍රමවේදයක් ඉදිරිපත් කර නොමැත. ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ පිහිට පැතීමට සිදුව ඇති බව එම මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

මේ වන විට ඵම මණ්ඩලයේ සේවකයන් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් වන්දි ලබා ඉවත්වීමට අයදුම්පත් යොමුකර තිබුණ ද ඔවුන්ට සේවයෙන ඉවත්වන දිනයක් හෝ ඒ සඳහා නියමිත කාලයක් හෝ ක්‍රමවේදයක් විදුලිබල මණ්ඩලයේ බලධාරීන් ඉදිරිපත් නොකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බවත් ‘ඇමතිතුමා තාම දිනයක් කියලා නෑ වැනි පිළිතුරු බලධාරීන් සපයන බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ පවසයි.

වන්දි ලබා ඉවත්වීමට අයදුම්පත් යොමුකර ඇති බොහෝ සේවකයන් විදේශ රැකියාවට පිටත්ව යෑමට හෝ වෙනත් රැකියා සඳහ යොමුවීමට සූදානම්ව සිටිය ද මෙම තත්වය හමුවේ දැඩි අපහසුතාවට පත්ව සිටින බව කී වෘත්තීය සමිති නියෝජිතයෝ බලශක්ති අමාත්‍යංශය සහ විදුලිබල මණ්ඩලයේ බලධාරීන්ගේ සැළසුමක් නොමැති ක්‍රියාවලියක් හේතුවෙන් සේවකයන් දැඩි අපහසුතාවට පත්වු සිටින බව ද සඳහන් කළහ.

හිරේ මව්වරු එක්ක ඉන්න අතදරුවන් ගැන අගමැතිනිය කළ සංවේදී හෙළිදරව්ව

හිරේ මව්වරු එක්ක ඉන්න අතදරුවන් ගැන අගමැතිනිය කළ සංවේදී හෙළිදරව්ව

වන්දි ලබා ඉවත්වීමේ ඉල්ලුම්පත් මාස දෙකක් ගතවීමට පෙර එනම් මෙම මස 27 වැනිදාට පෙර යොමුකළ යුතු යැයි දැනුම්දී තිබුණ බලධාරීන් සතුව නියමිත ක්‍රවේදයක් නොමැති බව ද වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලිබලාගාරවල සේවකයන් අවම වශයෙන් 10 ක් හෝ වන්දි ලබා ඉවත්වීමට අයදුම්පත් යොමුකර ඇති බවත් එසේ අත්දැකීම් ඇති පුහුණු සේවකයන් ඉවත්වගිය හොත් මණ්ඩලය දැඩි අර්බුදයකට පත්වන බවත් එහි සේවකයෝ පවසති.

මත්තල ගුවන්තොටුපොළ ගැන තීරණයක්

මත්තල ගුවන්තොටුපොළ ගැන තීරණයක්

මෙම තත්වය පිළිබඳව දැනගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යාලයේ ප්‍රධනී ඉන්ජිනේරු පුබුදු නිරෝෂන් මහත දුරකථනයෙන් සම්බන්ධකරගැනීමට උත්සහ කළ ද ඒ මහතා ප්‍රතිචාර නොදක්වා කෙටි පණිවුඩයක් යොමු කරන ලෙස දැනුම් දී තිබුණි.

පෙන්ටගනයට උඩිනුත් යන එකේ ආයේ පාර්ලිමේන්තුවට උඩින් ටිකක් ගිහාම මොකෝ - මරික්කාර් යකා නටයි

පෙන්ටගනයට උඩිනුත් යන එකේ ආයේ පාර්ලිමේන්තුවට උඩින් ටිකක් ගිහාම මොකෝ - මරික්කාර් යකා නටයි