මත්තල ගුවන්තොටුපොළ ගැන තීරණයක්
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ සඳහා අපගමන බද්දට අදාළව ප්‍රදානය කර ඇති සහන කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව 2025-01–06 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ ඇති තීරණයක් පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත නිශ්චිත කාලසටහන්ගත ගමන් වාර ක්‍රියාත්මක කරනු ලබන ගුවන් සේවා අපගමන බද්දෙන් නිදහස් කරනු ලැබ ඇත.
එම බදු සහනය යටතේ ඇතැම් ගුවන්සේවා විසින් මේ වන විටත් එම ගුවන්තොටුපොළ වෙත සහ ඉන් පිටතට නිශ්චිත ගුවන් ගමන් වාර සහිතව ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කර ඇති අතර, ඇතැම් ගුවන් සේවා එම ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා සිය අභිලාෂය ප්‍රකාශ කර තිබේ.
එම අපගමන බදු සහනය තවදුරටත් පවත්වාගෙන යාම මඟින් තරගකාරීත්වය ඉහළ නැංවීම හරහා එම ගුවන්තොටු පොළ වෙත නව නිශ්චිත ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ශනය කර ගැනීමට හා පවතින ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන අපගමන බදු නිදහස් කාලසීමාව 2027-06-26 දින දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ අතර, මත්තල ගුවන්තොටුපොළේ වනජීවි කාර්යාලයක් ස්ථාපිත කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
