ගොවීන්ට සුභයි - පොහොර ආධාරය ගැන ඇහෙන සුභ ආරංචිය මෙන්න
2025 වර්ෂය වෙනුවෙන් පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබාදීම පිණිස රුපියල් බිලියන 05 ක අතිරේක ප්‍රතිපාදන සලසාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව සඳහන්.
ඇස්තමේන්තු කර ඇති වී සහ වෙනත් ක්ෂේත්‍ර භෝග සමස්ත බිම් ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී, පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබාදීම පිණිස තවත් රුපියල් බිලියන 05ක පමණ අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.
ඒ අනුව, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශය මත පදනම්ව, පොහොර සඳහා මූල්‍ය සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 05ක අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. මෙයට අදාළ කැබිනට් තීරණය පහතින් දක්වා ඇත.