ජනාධිපතිවරයාගේ රට හැර යාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්..

By krishani Jul 13, 2022 03:58 AM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැර ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනතා විරෝධතා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැර ගිය බව අද(13) උදෑසන වාර්තා විය.

ජනාධිපතිවරයා එරට වේලාවෙන් පස්වරු 03.00 ට (GMT 22:00) මාලදිවයිනේ අගනුවර වන මාලේ වෙත ළඟා විය.

ජනාධිපතිවරයා, ආර්යාව සහ ආරක්ෂකයින් දෙදෙනෙකු මාලදිවයින බලා පිටත්ව යාමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් යානයක් ලබා දුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

විධායක ජනාධිපතිවරයෙකුට පැවරී ඇති බලතල මත පදනම්ව සහ රජයේ ඉල්ලීම පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව එය සිදු කළ බව එම නිවේදනයේ දැක්වෙන අතර ගුවන් යානා සැපයීමේදී සියලුම ආගමන විගමන සහ රේගු නීති අනුගමනය කළ බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join