රතු හාල් හිඟ රනිල් කිලෝ 20 ගානෙ බෙදූ නිසා. - බොරු කියන නිසා දෙපාර්තමේන්තුට එරෙහිව ඇක්ෂන් එකක් ගන්නවා.

Report

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැරදි තොරතුරු සමාජගත කරන්නේ නම් ඊට එරෙහිව පියවර ගත යුතු බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානකකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක,

"මේ ආණ්ඩුවේ පළවැනි ලොකුම් වංචාව ගැන හෙළි කරන්නට ලැබීම ගැන මා කනගාටු වෙනවා. රටේ මේ වෙලාවේ රතු කැකුළු සහල් නෑ. දකුණේ මිනිස්සු වැඩි පුරම කන්නේ රතු කැකුළු. රතු කැකුළු සහල් අද රුපියල් 280 දක්වා ඉහළ ගිහින් තිබෙනවා. නමුත් පාලන මිල 220යි.

සහල් මාෆියාව නිසා ගිය මාසෙ විතරක් මිලියන 4875 ක් කවුරු හෝ රටේ ජනතාවගෙන් සොරකම් කර තිබෙනවා. මේ කොමිස් තාක්කා කවුද කියා සොයන්න. මේක තමයි මේ ආණ්ඩුවේ පළවැනි වංචාව"

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රජයෙන් දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රජයෙන් දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

අමාත්‍ය වසන්ත සමරසිංහ

"රතු හාල්වල ප්‍රශ්නයක් තිබෙනවා. ඊට හේතුව කුමක්ද? දකුණේ තිබූ රතු හාල් පසුගිය ආණ්ඩුව විසින් රතු හාල් නොතන ප්‍රදේශ වලටත් කිලෝ විස්ස ගානේ බෙදා හැර හාල් හිඟයක් ඇති කළා.

සහල් හිඟයට අප ආකාර දෙකකින් මැදිහත් වී තිඛෙනවා. පළමුවෙන් හාල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කරන්න තීරණය කළා.

හාල් මිල වැඩි කිරීමෙන් කෝටි 125 ක් පමණ කොමිස් ගසා ඇතැයි ද චෝදනාවක් කළා. ඒ තතා වැරැදියි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැරදි තොරතුරු සමාජගත කරනවා නම් ඊට පියවරක් ගත යුතුයි. සතොසේ හාල් 220යි.

මේ ගබඩා හිස් වුණේ පසුගිය ආණ්ඩු කළ වැඩ නිසා. සහල් ආනයනය කරන්න සිදු වුණේ ඒ නිසයි"

මාලිමා ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය ටික චීනයට හේත්තු කරයි. - කැබිනට් අනුමැතිය හිමි වූ එම ගිවිසුම් ලිස්ට් එක මෙන්න.

මාලිමා ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය ටික චීනයට හේත්තු කරයි. - කැබිනට් අනුමැතිය හිමි වූ එම ගිවිසුම් ලිස්ට් එක මෙන්න.


You May Like This Video