කාලගුණයෙන් යළි රතු එළියක්.

Weather
By Wayomi Oct 30, 2022 07:45 AM GMT
Wayomi

Wayomi

Report

අද (30) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනයවීම හේතුවෙන්.

ඒ අනුව උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

උතුරු, නැගෙනහිර,බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW