රාවණා ඇල්ලේදී 23 හැවිරිදි සුරූපී තරුණියකට වෙච්ච දෙයක්..

Accident Sri Lanka Rawana ella Isshrayal
By Aruna Sep 16, 2021 07:08 AM GMT
Aruna

Aruna

Report

රාවණා ඇල්ල නැරඹීමට පැමිණි ඊශ්‍රායල් ජාතික තරුණියක් ගල් තලාවකට නැගීමට යෑමේදී පය ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි ඇල්ල පොලිසිය පවසනවා මෙලෙස තුවාල ලබා ඇත්තේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඊශ්‍රායල් ජාතික විසිතුන් හැවිරිදි තරුණියක් .

ඇය තවත් විදේශීය සංචාරකයන් දොළොස් දෙනකු සමඟ රාවණා ඇල්ල නැරඹීමට පැමිණ ඇල්ලේ උඩකොටසට ගල් මතින් නැඟයෑමට උත්සාහ කිරීමේදී පය ලිස්සා අඩි දහයක් පමණ පහළට වැටී තිබෙන බවයි වාර්තා වන්නේ බරපතළ තුවාල ලැබූ ඇය වැල්ලවාය මූලික රෝහලටත් පසුව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලටත් මාරුකොට තිබෙනවා.

නමුත් ඇයගේ තත්ත්වය බරපතළ බැවින් පසුව බදුල්ල මහ රෝහලට මාරුකොට යවා ඇති අතර දැනට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha