හිටපු මුදල් ඇමති වරයෙකුගේ මව ජීවන රඟමඩලට සමුදෙයි..
By Aruna
හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාගේ ආදරණීය මෑණියන් වන කාමි කරුණානායක මැතිණිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය මිය යන විට 82 වැනි වියෙහි පසු වූ කරුණානායක මහත්මිය රවී කරුණානායක හා සාලිය කරුණානායක යන අයගේ මෑණියන්.
අභාවප්‍රාප්ත තිස්ස කරුණානයක ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයායි.
මෙරට පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හා සමීපව කටයුතු කළ කරුණානායක මහත්මිය ජාතික රූපවාහිනියේද සම්බන්ධීකරකවරියක ලෙස කලක් කටයුතු කර තිබේ.
මේ වන විට කාමී කරුණානායකගේ දේහය බොරැල්ල රේමන්ඩ් මල් ශාලවේ තැන්පත් කර ඇති අතර අද ( 19) පස්වරු 4.00ට අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |