මෙතෙක් ලංකාවේ හමු නොවූ දුර්ලභ ගණයේ දෙයක් හමු වෙයි..(PHOTOS)

Sri Lanka Business Gossips Wonderful gem Panicut gem
By Aruna Nov 25, 2021 06:23 AM GMT
Aruna

Aruna

Report

ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම දුර්ලභ ගණයේ පැනිකට් වර්ගයේ  මැණික් ගලක් බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු ළඟ තිබී හදුනාගත් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

මේ මැණික් ගල මිල අධික වටිනාකමෙන්ද වැඩි බවයි එම අධිකාරිය පැවසුවේ.

එහි අයිතිකරු මොහොමඩ් පස්රීන් නසීර් නම් මැණික් ව්‍යාපාරිකයෙකු වනවා.

මේ මැණික් ගල බලංගොඩ ප්‍රදේශයේ අයෙකුගෙන් මිලදී ගත් එකක් බවත්, සාමාන්‍ය ගලක් ලෙස මිලදී ගත් මේ ගල පිළිබදව ඇතිවූ සැකය මත ඒ පිළිබදව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් හා මැණික් පිළිබද ජාත්‍යන්තර ආයතනයකින් කරන ලද පරීක්ෂණවලට අනු එම මැණික් ගල ඉතා වටිනා දුර්ලභ ගණයේ එකක් බව අනාවරණය වූ බවයි ඔහු පවසන්නේ.

තමා ළග තිබෙන මේ මැණික් ගල කැරට් 616.65ක බරින් යුක්ත බවත් ලංකාවෙන් මෙතෙක් සොයා ගැණුනු විශාලතම පැනිකට් වර්ගයේ මැණික් ගල මෙය බවත් නසීර් මහතා පවසනවා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා එය වටිනා මිලකට මෙය අලෙවි කිරීමට තමන් සූදානම් බවද නසීර් මහතා වැඩිදුරටත් පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery