රංජන් නිදහස් කිරීමේ අලුත්ම ආරංචිය මෙන්න..
සිරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීමේ ලිපි ලේඛනවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසරය මත තමා අත්සන් කළ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (26) තහවුරු කළා.
ශ්‍රී ලංකා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අද (26) ජනාධිපති සමාවක් ලැබෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැනට සිරදඬුවම් විඳිමින් සිටින රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීම සඳහා වන නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ඔහු පැවසීය.
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බොහෝ විට අද (26) හෝ සඳුදා (29) බන්ධනාගාරයෙන් නිදහස් වනු ඇතැයි ශ්‍රී ලංකා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (25) ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.
අමාත්‍යවරයා පැවසුවේ, තමන් සහ තවත් බොහෝ පිරිසක් එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නිදහස් කිරීම සිදුකරන බවයි.
එය ඉටු කිරීමට වෙහෙස නොබලා කටයුතු කළ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ද අමාත්‍යවරයා සිය ස්තූතිය පුද කළේය.
අදාල ලේඛනය පහතින් බලන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
