ජනපති රනිල් ටයිටැනික් නැව ගැනත් කතා කරමින් කරපු ප්‍රකාශය

By Sithumi Oct 31, 2022 07:04 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව නැමති ටයිටැනික් නෞකාව ගැටුණු හිම කන්දෙන් ඉවතට ගන්න තමා උපරිම උත්සාහ ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තමා ටයිටැනික් නෞකාව බාරගෙන තිබෙන්නේ එය අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුව බව කී ජනාධිපතිවරයා දෙසැම්බර් මාසයේ මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යාමට හැකි වුවහොත් වාසි සහගත තත්ත්වයක් උදාකර ගත හැකි වනු ඇතැයි කීය

. ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම බව කී ජනාධිපතිවරයා එහිදී ආනයන සීමා කර ඉන්ධන ,පොහොර සහ ඖෂධ මිලදී ගන්න හැකි බව කීය.

මුල දී මෙම ක්‍රියාවලිය යහපත් නොවුණත් දැන් යහපත් තත්ත්වයක් දක්නට ලැබෙන බව කී ජනාධිපතිවරයා ඉදිරි වසර දෙක කළමනාකරණය කරගත යුතු වෙන බව සඳහන් කළේය. 

  කෘෂිකර්මාන්තය ඇතුළු හැම දෙයකින් ම බදු අය කිරීමට අපට සිදු වු අතර ඒ හැර වෙනත් මඟක් අපට තිබුණේ නැති බවද ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා කීය.බත්තරමුල්ල වෝල්ටර්ස්ස් ඒජ් හෝටලයේ දී මෙම උත්සවය පැවැත්විණි