සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණයක්.

Ministry of Education Ranil Wickremesinghe Sri Lanka Education
By krishani Jun 16, 2023 08:45 AM GMT
krishani

krishani

Report

ලංකාවේ සියලු‍ සිසුන්ට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

ඒ අද (16) අරලියගහ මන්දිරයේ දී ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාලාභින්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.

මේ අතර, අ.පො.ස. උසස් පෙළ 2022(2023), විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ ජුනි 27 සිට ජූලි 31 දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැටුම් (දේශීය) , නැටුම් (භරත), සංගීතය (පෙරදිග) - 2023 ජුනි 27 සිට ජූලි 06 දින දක්වාත්, ඉංජිනේරු තාක්ෂණවේදය - 2023 ජූලි 12 දින හා ජූලි 21 දින දක්වාත් ජෛව පද්ධති තාක්ෂණවේදය - 2023 ජූලි 29 දින සිට ජූලි 31 දින දක්වාත් පැවැත්වෙන බවයි.

ඒ අනුව, අදාළ විෂයන්වල පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් පෞද්ගලික ලිපිනවලට තැපැල් මගින් යැවීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.