ජනපති සියලු රාජ්‍ය නිළධාරින්ට දුන් දැනුම්දීම..
Ranil Wickremesinghe
Sri Lanka Politician
Government Of Sri Lanka
By krishani
ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සියලු නිලධාරීන්ට දැනුම් දී ඇත.
මෙම වසරේ ජනවාරි මාසය තුළ රාජ්‍ය ආදායම් වියදම් ඇස්තමේන්තුවට වඩා පහළ මට්ටමක පැවැති බැවින් රජයේ වියදම් කපා හැරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ.
රජයේ ආදායම්, සියලු වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් එමගින් සිදුකළ හැක්කේ වැටුප් සහ විශ්‍රාම දීමනා, සුබසාධක, ඖෂධ සහ ණය සේවාකරණය පමණක් බවත් රාජ්‍ය ආයතන සඳහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වළකින ලෙසත් ඒවායෙහි වියදම් පෞද්ගලිකව වගකීමට සිදුවනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සියලු නිලධාරීන්ට දැනුම් දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
